කලවාන ප්‍රදේශයේදී පාර අයිනේ සිටි සුනඛයෙකු විසින් දරුවෙකු සපා කෑ බවට චෝදනා කරමින් පුද්ගලයෙකු විසින් එම සුනඛයාට පොල්ලකින් පහරදී අමානුෂික ලෙස මරා දමා තිබේ.
මෙම සිද්ධියට අදාළ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ සත්ත්ව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ දෙනෙකුගේ දැඩි විරෝධයට එය ලක්ව ඇත. දරුවෙකු සපා කෑම වැනි සිදුවීමක් සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කටයුතු කිරීමේ හැකියාව පවතිද්දී, මෙලෙස සත්ත්වයෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීම සදාචාර විරෝධී මෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බව ඔවුහු පෙන්වා දෙති.
ශ්‍රී ලංකාවේ පවතින සත්ත්ව හිංසනය වැළැක්වීමේ ආඥා පනත යටතේ මෙවැනි අමානුෂික ක්‍රියාවන් දඬුවම් ලැබිය හැකි වරදවල් වේ. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවට සමාජය තුළ හඬක් නැගෙමින් පවතී.
















