ශ්‍රී ලංකාවේ පාරිසරික පද්ධතීන් සුරක්ෂිත කරමින් තිරසාර සහ හරිතමය අනාගතයක් උදෙසා පියවරක් ඉදිරියට තබමින්, මහජනතාවට සෘජුවම පරිසර අමාත්‍යාංශය හා සම්බන්ධ විය හැකි නව නිල WhatsApp සේවාවක් හඳුන්වා දී ඇත.
මෙම සේවාව සඳහා 070 250 950 9 යන දුරකථන අංකය භාවිත කළ හැකි අතර, “තිරසර ජෛව ගෝලයක් සදාහරිත ජීවිතයක්” යන තේමාව පෙරදැරි කරගනිමින් මෙය ක්‍රියාත්මක වේ. මේ හරහා මහජනතාවට තම ප්‍රදේශවල පවතින පාරිසරික ගැටලු සහ තොරතුරු සෘජුවම අමාත්‍යාංශය වෙත වාර්තා කිරීමට අවස්ථාව සැලසේ.
















