කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ පැවති ක්‍රීඩා තරගාවලියේදී ධාවන තරගවලින් ජයග්‍රහණ අත්කරගත් පදවිය අලිවංගුව මහා විද්‍යාලයේ ඕසන්දි සිනෙත්මා සිසුවිය වෙත, අලිවංගුව අභයරාජ ප්‍රාථමික විද්‍යාලයේ ආචාර්ය රසාදි චතුරංගි මහත්මිය විසින් ධාවන තරග සඳහා භාවිත කරන විශේෂ සපත්තු (ස්පයික්) ජෝඩුවක් පිරිනමා තිබේ.
ඕසන්දි සිසුවිය පදවිය අලිවංගුව මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර, ඇයගේ දක්ෂතාවයට සරිලන පරිදි ඉදිරියේදී පැවැත්වෙන උතුරුමැද පළාත් ක්‍රීඩා උළෙලට සහභාගී වීමට අවශ්‍ය සපත්තු ජෝඩුවක් මිලදී ගැනීමට ඇයගේ පවුලේ ආර්ථික තත්ත්වය බාධාවක්ව පැවතිණි. මේ පිළිබඳව දැනගැනීමට ලැබුණු සැණින්, තම හිටපු සිසුවියක වූ ඕසන්දිගේ ක්‍රීඩා අනාගතය වෙනුවෙන් රසාදි චතුරංගි ආචාර්යවරිය මෙම මානුෂීය පියවර ගෙන ඇත.
පදවිය අලිවංගුව අභයරාජ ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති ඕසන්දි, මේ වන විටත් උතුරුමැද පළාත් ක්‍රීඩා උළෙලේදී පදක්කමක් දිනාගැනීමේ බලාපොරොත්තුවෙන් දැඩි පුහුණුවීම්වල නිරත වෙයි. ගුරුතුමියගේ මෙම ඇගයීම ඇයගේ ක්‍රීඩා ගමනට විශාල ශක්තියක් වී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.
















