ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සඳහා සිදුකරන ධූමායන (Fogging) ක්‍රියාවලිය සාර්ථක ක්‍රියාමාර්ගයක් නොවන බවත්, එමගින් පරිසරයට සහ හිතවත් කෘමීන්ට දැඩි හානියක් සිදුවන බවත් සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා මේ බව සඳහන් කළේය. ඔහු පෙන්වා දෙන්නේ ධූමායනය මගින් විනාශ වන්නේ මදුරුවාගේ ජීවන චක්‍රයේ අවස්ථා හතරෙන් එකක් වන “වැඩුනු මදුරුවා” පමණක් බවත්, බිත්තර, කීටයා සහ පිළවා යන අවස්ථා එයින් විනාශ නොවන බවත්ය.එක් වටයක් ධූමායනය කිරීම සඳහා රුපියල් 20,000කට අධික මුදලක් වැය වේ.ධූමායනයේදී භාවිතා කරන කෘමිනාශක මගින් මදුරුවන් පමණක් නොව, බත්කූරන් සහ මී මැස්සන් වැනි පරාගනයට සහ ඵලදාවට දායක වන හිතවත් කෘමීන් ද මිය යයි.දිගින් දිගටම එකම කෘමිනාශක වර්ග භාවිතා කිරීම නිසා මදුරුවන් ඒවාට ප්‍රතිරෝධයක් දැක්වීමට පෙළඹේ. ඉතිහාසයේ මැලේරියා මර්දන කටයුතුවලදී ද මෙවැනි තත්ත්වයන් මත කෘමිනාශක නිරන්තරයෙන් වෙනස් කිරීමට සිදුවිය.යොදන කෘමිනාශක වර්ග නිසා ඇතැම් පුද්ගලයන්ගේ පවතින රෝගී තත්ත්වයන් උත්සන්න වීමට ඉඩ ඇත.
එබැවින්, ධූමායනය යනු ඩෙංගු මර්දනයට ඇති එකම විසඳුම නොවන බවත්, විද්‍යානුකූලව අත්‍යවශ්‍ය ස්ථානවල පමණක් සීමිතව මෙය සිදුකළ යුතු බවත් සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් අවධාරණය කරයි.
















