පොසොන් පොහෝය දිනය වෙනුවෙන් පැවැත්වුණු ආගමික වතාවත් සඳහා කතරගම ඓතිහාසික කිරිවෙහෙර රජ මහා විහාරස්ථානයට ඊයේ (29දා) විශාල සැදැහැවතුන් පිරිසක් එක්ව සිටියහ.කතරගම කිරිවෙහෙර රජ මහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති, රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය කොබවක ධම්මින්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි, උදෑසන දහසකට වැඩි පිරිසක් සිල් සමාදන් වීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. මීට අමතරව දවස පුරා විවිධ ආගමික වැඩසටහන් රැසක් විහාරස්ථානයේදී පැවැත්විණි.කිරිවෙහෙර රජ මහා විහාරයේ ගිහි භාරකාර නිලමේ ශෂික බඹරැන්ද මහතා ඇතුළු පිරිස විසින් දිවයිනේ නන් දෙසින් පැමිණි සැදැහැවතුන් වෙනුවෙන් දන්සැල් ඇතුළු විවිධ පහසුකම් ඉතා මැනවින් සංවිධානය කර තිබිණි.
















