කොම්පඤ්ඤවීදිය, විතානගේ පාර ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 728ක් සමඟ 81 හැවිරිදි කාන්තාවක් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (30) සිදුකළ මෙම වැටලීමේදී සැකකාරියගේ පුත්‍රයා එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා කොම්පඤ්ඤවීදිය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.















