මැණික්හින්න, කරලියැද්ද ප්‍රදේශයේදී හීලෑ අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ (30) රාත්‍රියේ අලියාට ආහාර ලබාදීමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙලෙස මියගොස් ඇත්තේ මැණික්හින්න ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මැණික්හින්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.















