ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනයක් වන කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) සිය අභිමානවත් 100 වැනි සංවත්සරය අද (01) සමරයි. දකුණු ආසියාවේ ප්‍රථම ක්ෂේත්‍ර සෞඛ්‍ය ඒකකය ලෙස 1926 දී ආරම්භ වූ මෙම ආයතනය, රටේ සෞඛ්‍ය සේවාවට අමිල මෙහෙවරක් ඉටු කර ඇති අතර එහි ශතසංවත්සර උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 4.00ට පැවැත්වීමට නියමිතය. මෙම උත්සවයේදී විශේෂ සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කෙරෙන අතර, ආයතනයේ ඉතිහාසය ඇතුළත් “Legacy of a Centenary” ග්‍රන්ථය ද එළිදැක්වීමට නියමිතව ඇත. මෙරට ප්‍රජා මූල්‍ය සෞඛ්‍ය සේවාවට සහ වෛද්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමට මූලික වූ මෙම ආයතනය, ඉදිරි දිනවලදී සැමරුමට සමගාමීව විවිධ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.
















