ඇල්පිටිය, කහදුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ගිය ඝාතන සිද්ධියකට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන පුද්ගලයෙකු පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහර දී පලාගොස් තිබේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් පොලීසියට පහරදීමට උත්සාහ කර ඇති අතර, එහිදී පොලීසිය අහසට වෙඩි තබා ඇත. පසුව සැකකරුවෙකු ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී එම සැකකරු විසින් පොලිස් නිලධාරියෙකුට පහර දී ඇති අතර, ප්‍රතිප්‍රහාර ලෙස පොලීසිය කළ වෙඩි තැබීමකදී සැකකරුගේ අතකට වෙඩි වැදී තිබේ. කෙසේ වෙතත්, වෙඩි වැදී අත්අඩංගුවට ගත් සැකකරු පසුව පැමිණි පිරිසක් විසින් පැහැරගෙන පලාගොස් ඇති අතර, තුවාල ලැබූ පොලිස් නිලධාරියා ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි. සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ක්‍රියාත්මක කරයි.
















