පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය බලා ගිය දුම්රියක් නැවත පැමිණි පසු අංගනය තුළ දැකගත හැකි වූයේ ඉතාමත් කනගාටුදායක දසුනකි. එම දුම්රිය මැදිරි තුළ මගීන් විසින් ඉවතලන ලද විශාල කසල තොගයක් සහ නොකා ඉතිරි කළ දන්සැල් ආහාර පාන විශාල ප්‍රමාණයක් තිබී හමු වී තිබේ.
ආසන මත සහ දුම්රිය මැදිරි තුළ බිම ආහාර කොළ, ප්ලාස්ටික් බෝතල් සහ විවිධ අපද්‍රව්‍ය විසිරී තිබූ අතර, දුම්රිය මැදිරියක් නොව එය කසල ගොඩක් බවට පත්ව තිබීම සමාජ වගකීම පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතු කර තිබේ. මහජන දේපළ භාවිත කිරීමේදී සහ පොදු ස්ථානවල ගමන් කිරීමේදී ශ්‍රී ලාංකීය පුරවැසියන් සතු විය යුතු අවම විනය සහ පාරිසරික වගකීම මෙහිදී උල්ලංඝනය වී ඇති බව පැහැදිලිය.
















