ශ්‍රී ලංකාව සහ කසකස්ථානය අතර ගුවන්සේවා, සංචාරක සහ වෙළෙඳ සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ කසකස්ථාන තානාපති සගෙරේයි වික්ටෝරොව් මහතා අතර අද (ජූලි 01) පැවැත්විණි.
මෙහිදී මූලිකවම කසකස්ථානයේ ජාතික ගුවන්සේවාව වන ‘එයාර් ඇස්ටානා’ (Air Astana) ගුවන් ගමන් දැනට පවතින සංචාරක කාලසීමාවට පමණක් සීමා නොවී වසර පුරා ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කෙරිණි. එසේම, දෙරට අතර වෙළෙඳ සබඳතා ඉහළ නැංවීමටත්, ශ්‍රී ලංකාවට අවශ්‍ය පිරිපහදු ඉන්ධන සහ බලශක්ති අවශ්‍යතා වෙනුවෙන් කසකස්ථානයේ සහයෝගය ලබා ගැනීමටත් දෙපාර්ශ්වය එකඟතාව පළ කළහ. අනාගතයේදී කසකස්ථානයේ අගනුවර වන අස්ථානාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් විවෘත කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
















