ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාධිපතිවරයා ලෙස 2024 දෙසැම්බර් 31 සිට කටයුතු කළ අද්මිරාල් කාන්චන බානගොඩ මහතා සිය 36 වසරක සේවා කාලය නිම කරමින් අද (ජූලි 01) විශ්‍රාම ලැබීය.
අද උදෑසන නාවික හමුදා සම්ප්‍රදායානුකූලව තම ධූරයේ රාජකාරි නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා වෙත භාරදීමෙන් අනතුරුව, විශේෂ සම්මාන මුරයක් මඟින් ඒ මහතා වෙත උත්තමාචාර පුද කෙරිණි. නාවික හමුදා මූලස්ථානයෙන් නික්ම යන මොහොතේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයින් විසින් සම්ප්‍රදායානුකූලව ඒ මහතාට සුභාශිංසන පිරිනැමූහ.
















