චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) වසර 105 ක ඉතිහාසය චීන ජාතියේ වඩාත්ම විශිෂ්ට වීර කාව්‍යය ලෙස චීන ජනාධිපති ෂී ජින්පින් අද (01) බදාදා අගය කළේය. නියමිත වේලාවට චීනය නවීන සමාජවාදී රටක් ලෙස ගොඩනැගීම සඳහා පක්ෂයට පෙරට යන ලෙස ඉල්ලා සිටි ෂී මහතා, නව යුගයේ පක්ෂයේ මෙහෙවර ඉටු කිරීම වෙනුවෙන් වෙහෙස නොබලා වැඩ කරන ලෙස පක්ෂ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
1921 දී සාමාජිකයින් 50 දෙනෙකුගෙන් යුත් කුඩා කණ්ඩායමකින් ඇරඹි චීන කොමියුනිස්ට් පක්ෂය, අද වන විට දැවැන්ත ගෝලීය බලපෑමක් සහිත ලොව විශාලතම පාලක පක්ෂය දක්වා වර්ධනය වී ඇති බව ෂී ජින්පින් මහතා පෙන්වා දුන්නේය. චීනයේ සංවර්ධනය දැනට උපායමාර්ගික අවස්ථා මෙන්ම අවිනිශ්චිත අභියෝග රැසක් මැද පවතින බැවින්, සැඩ සුළං සහ දරුණු කුණාටු වැනි ඕනෑම ප්‍රධාන පරීක්ෂණයකට ඔරොත්තු දීමට පක්ෂය සැමවිටම සූදානම් විය යුතු බවත්, දූෂණයට එරෙහි දැඩි, දිගුකාලීන සටන අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බවත් ඔහු අවධාරණය කළේය.
පක්ෂයේ නායකත්වය යටතේ චීනය ලොව දෙවන විශාලතම ආර්ථිකය සහ ප්‍රමුඛතම නවෝත්පාදකයෙකු බවට පත්ව ඇති අතර, ජනතාවගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 79 දක්වා ඉහළ නංවා තිබේ. නිරපේක්ෂ දරිද්‍රතාවය තුරන් කිරීමෙන් පසු, පක්ෂයේ මීළඟ ඉලක්කය වන්නේ 2035 වන විට මූලික නවීකරණය සාක්ෂාත් කර ගැනීම සහ සියවසේ මැද භාගය වන විට චීනය ශ්‍රේෂ්ඨ නවීන සමාජවාදී රටක් ලෙස ගොඩනැගීමයි. එමෙන්ම, 2027 වන විට මහජන විමුක්ති හමුදාවේ (PLA) සියවස් සැමරුම් ඉලක්ක සපුරා ගනිමින් සන්නද්ධ බලකායන් ලෝක මට්ටමට ඔසවා තැබීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.
භූදේශපාලනික කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, තායිවාන ගැටලුව විසඳීම සහ චීනය සම්පූර්ණයෙන්ම යළි ඒකාබද්ධ කිරීම පක්ෂයේ නොසැලෙන ඓතිහාසික මෙහෙවරක් බවයි. ඒ අනුව තායිවාන නිදහස අපේක්ෂා කරන බෙදුම්වාදීන්ට සහ බාහිර මැදිහත්වීම්වලට එරෙහිව දැඩි පියවර ගන්නා බව ද බීජිං නුවර පැවැති මෙම සාමාජිකයින් 3,000කගේ ප්‍රධාන සංවත්සර රැස්වීම අමතමින් චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














