ඩෙංගු සහ වෛරස් උණ රෝග ව්‍යාප්ත වීමේ අවදානම සැලකිල්ලට ගෙන, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන හා පරීක්ෂණ කටයුතු තාවකාලිකව කල් දැමීමටත්, නේවාසිකාගාර වසා තැබීමටත් විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කර තිබේ.
ඒ අනුව, එළඹෙන ජූලි මස 13 වනදා දක්වා විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව පාලන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.














