රජයේ සේවකයින්ට ණයට ලබාදීමට යන සහල් ලබාගෙන එම ණය මුදල නොගෙවා සිටියහොත්, ගෙවල්වලට පැන බත් මුට්ටි උස්සන් යාමට රජයට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ජන හමුවක් අමතමින් ඒ මහතා සඳහන් කළේ, වත්මන් ආණ්ඩුවේ සිටින පිරිස්වලට ගෙවල්වලට පැන බත් මුට්ටි උස්සා හොඳ පුරුද්දක් ඇති බවයි.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ ජීවන වියදම සහ ආර්ථික අර්බුදයට මුහුණදෙන වැඩපිළිවෙළ ගැන කතා කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වූ බව ද මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
නමුත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ සිදුකළේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ රාජකාරිය බවත්, ආණ්ඩුවට රජයේ සේවකයන්ට දීමට ඇති උපරිම සහනය සහල් කිලෝ 20ක් ණයට දීම පමණක් බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් විවේචනය කළේය.














