පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සත්‍යය සහ සාධාරණය ඉටු කර දීම වෙනුවෙන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු කතෝලික සභාව දරන අවංක උත්සාහය සඳහා ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ පූර්ණ සහයෝගය පළ කරන බව නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සමාජ මාධ්‍ය ඔස්සේ කාදිනල් හිමිපාණන්ට එල්ල වන අභූත චෝදනා සහ අපහාසාත්මක ප්‍රකාශයන් දැඩි ලෙස හෙළා දකින බව රදගුරු සම්මේලනය අවධාරණය කරයි. මෙවැනි ක්‍රියාවන් හුදෙක් සත්‍යය සෙවීමේ උත්සාහය අඩපණ කිරීමට දරන උත්සාහයක් බව පෙන්වා දෙන රදගුරු සම්මේලනය, අගරදගුරු හිමිපාණන් වෙත එල්ල වන මෙවැනි අගෞරවනීය ක්‍රියාවන් පාලනය කර ගැනීමට සහ ඒ සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්වයන්ගේ අවධානය යොමු කිරීමට තීරණය කර ඇත.














