ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නිවේදනය කරනු ලබන්නේ, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (ජූලි 04) පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12ක කාලයක් තවත් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බවයි.
මෙම ජල කප්පාදුව දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත සහ සොයිසාපුර යන ප්‍රදේශවලට බලපානු ඇත. අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන් හට මෙම කාලසීමාව තුළ ජලය ප්‍රමාණවත් පරිදි කල්තියා ගබඩා කර ගන්නා ලෙසත්, ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් ඉල්ලා සිටියි.














