පවතින අධික වර්ෂාවත් සමඟ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (04) පස්වරුවේ සිට එක් මං තීරුවකට පමණක් සීමා කර තිබේ.
මේ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන් දැඩි ලෙස සැලකිලිමත් වන ලෙසත්, රථවාහන සෙමින් සහ ප්‍රවේශමෙන් ධාවනය කරන ලෙසත් පොලිසිය රියදුරන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. පස් කන්ද ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
















