විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික අමාත්‍යවරයාව සිටි සමයේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ ජලනි ප්‍රේමදාස මහත්මිය සම්බන්ධයෙන් ඉදිරියේදී බරපතළ විමර්ශන ආරම්භ වනු ඇති බව දේශපාලන විචාරක විදර්ශන කන්නංගර මහතා පවසයි. මාධ්‍ය අමතමින් ඒ මහතා කියා සිටියේ පසුගිය පාලන සමයන්හි පැවති දූෂිත ජාලයන් මේ වන විට බිඳ වැටෙමින් පවතින බවයි.
චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්ෂට පසුව ඊළඟට ක්‍රියාත්මක වන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ ලිපිගොනු (Files) බව පෙන්වා දුන් ඒ මහතා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අත්තනෝමතික ලෙස දේශපාලන වාසි සඳහා විවිධ පන්සල්වලට බෙදා දීම බරපතළ වරදක් බව අවධාරණය කළේය.
“මේ රටේ මිනිස්සු අරගල කළේ මෙන්න මේ වගේ දූෂිත පාලන ක්‍රමයක් වෙනස් කරන්නයි. රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ හිතවතුන් ගොඩනැඟූ ‘Deep State’ එක මුලිනුපුටා දැමීම වත්මන් රජයේ වගකීමක්. සජිත් සහ ජලනිට එරෙහි මෙම චෝදනා ගැන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරියේදී දැඩි අවධානයක් යොමු කරාවි.”
දේශපාලනය ව්‍යාපාරයක් කරගත් සියලු දෙනාට ඉදිරියේදී අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවනු ඇති බවත්, මෙය මෙරට දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
















