විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණයට තමන් දැඩි ලෙස විරුද්ධ බවත්, එම තීරණය ක්‍රියාත්මක වීම නතර කිරීම සඳහා ගත හැකි උපරිම නීතිමය සහ දේශපාලනික ක්‍රියාමාර්ග ගන්නා බවත් නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.
අදාළ තීරණය මගින් අධිකරණ ක්ෂේත්‍රයේ ස්වාධීනත්වයට සහ ඉදිරි පරපුරේ වෘත්තීය අවස්ථාවලට බලපෑම් එල්ල විය හැකි බව පෙන්වා දෙන ඒ මහතා, මෙම යෝජනාව සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මේ බව සඳහන් කළේය.
















