ගෑස් මිල සංශෝධනය සිදුවුවද, බේකරි නිෂ්පාදනවල පවතින මිල ගණන් කිසිසේත්ම අඩු කිරීමට නොහැකි බව සමස්ත ශ්‍රී ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.
සභාපතිවරයා පෙන්වා දෙන්නේ, ලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම් විසින් සිදුකර ඇති ගෑස් මිල අඩු කිරීම ඉතා සුළු ප්‍රතිශතයකින් සිදුව ඇති බැවින්, බේකරි නිෂ්පාදනවල නිෂ්පාදන වියදමට එයින් කිසිදු බලපෑමක් හෝ ප්‍රතිලාභයක් නොලැබෙන බවයි.
පවතින ආර්ථික තත්ත්වය තුළ විදුලි බිල, අමුද්‍රව්‍ය මිල සහ අනෙකුත් මෙහෙයුම් වියදම් තවමත් ඉහළ මට්ටමක පවතින නිසා බේකරි නිෂ්පාදන මිල සංශෝධනය කිරීමේ හැකියාවක් නොමැති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.













