නාරම්මල, මැටියගනේ පල්ලම ප්‍රදේශයේදී අද (06) සවස 5.00 ට පමණ දරුණු රිය අනතුරක් සිදුව තිබේ. අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් පාලනයෙන් ගිලිහී ගොස් මාර්ගයෙන් ඉවතට පැන, අසල තිබූ වැටක වැදී පෙරළී ගොස් මෙම අනතුර සිදු වී ඇත.
රථය ධාවනය වෙමින් පවතින අවස්ථාවේදී රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අනතුරෙන් බරපතළ තුවාල ලැබූ රියදුරුව වහාම ක්‍රියාත්මක වන පරිදි රෝහල් ගත කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන ඇත. අනතුර හේතුවෙන් මෝටර් රථයට ද දැඩි දේපළ හානි සිදුව ඇති අතර, නාරම්මල පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.
















