ජපානයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන මිට්සුයි සමාගමේ (Mitsui & Co. Ltd, Japan) නියෝජිත පිරිසක් අද (06) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ දී අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු කණ්ඩායමක් මුණගැසී සාකච්ඡාවල නිරත විය. මෙම දූත පිරිස සඳහා APM Terminals Bangladesh හි ප්‍රධාන විධායක නිලධාරී රොමේෂ් ඩේවිඩ් මහතා සහ South Asia Gateway Terminals (SAGT) හි ප්‍රධාන විධායක නිලධාරී ස්ටීන් නුඩ්සන් මහතා නායකත්වය ලබා දී තිබේ.
මෙම සාකච්ඡාවේ දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ ශ්‍රී ලංකාවේ සමුද්‍රීය හා සැපයුම්කරණ (Logistics) ක්ෂේත්‍රයේ පවතින විභව සහයෝගීතාවයන් සහ නව ආයෝජන අවස්ථාවන් පිළිබඳවයි. මෙම වැදගත් සාකච්ඡාව සඳහා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර සහ විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත හනීෆ් යූසුෆ් මහතා ද සහභාගී වූහ.
















