දකුණු කොරියාව සහ ඊශ්‍රායලය සඳහා ශ්‍රමිකයන් යැවීමේ ක්‍රියාවලියේ පවතින අඩුපාඩු හේතුවෙන් විවිධ ගැටලු පැන නැගී ඇති බවත්, විශේෂයෙන්ම නිසි පුහුණුවකින් තොරව ශ්‍රමිකයන් විදේශගත කිරීම මීට ප්‍රධාන හේතුවක් වී ඇති බවත් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පෙන්වා දුන්නේය.
ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශය සඳහා මීට පෙර ශ්‍රමිකයන් යැවීමේදී ඇති වූ බරපතල ගැටලු හේතුවෙන්, මේ වන විට රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය හරහා ද එම කටයුතු නතර වී ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම තත්ත්වය නිසා රටට ලැබිය යුතු විශාල විදේශ විනිමයක් අහිමි වන අතර, ශ්‍රී ලාංකික පුරවැසියන්ට හිමිවිය යුතු ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා ද මඟ හැරෙන බව ඔහු අවධාරණය කළේය.
මෙයට විසඳුමක් ලෙස, රජයේ මැදිහත්වීම සහ පෞද්ගලික අංශයේ සම්බන්ධීකරණය සහිතව පුහුණු ශ්‍රමිකයන් පමණක් විදේශගත කිරීමේ ක්‍රමවේදයක් ඔහු යෝජනා කළේය. එසේම, දැනට පවතින ගිවිසුම් අවලංගු කර නව වැඩපිළිවෙලක් සකස් කිරීමට රජය බලාපොරොත්තු වන්නේ ද යන්න පිළිබඳව ද ඔහු මෙහිදී ප්‍රශ්න කර සිටියේය.
















