2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ විධිවිධාන යටතේ පනවන ලද නියෝග කිහිපයක් සම්බන්ධයෙන් වන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා වාර්තාව හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. අදාළ නියෝග අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමසීමෙන් අනතුරුව අමාත්‍යවරයා විසින් සකස් කර ඇති අතර, ඒවා 2024 මාර්තු 30 වැනි දින නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.
















