ජූලි මස 22 වන දින පාර්ලිමේන්තුවේ කෝප් (COPE) කමිටුව හමුවට පේරාදෙණිය විශ්වවිද්‍යාලය කැඳවා තිබෙන බැවින්, ඊට පෙර අදාළ කරුණු කාරණා සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අද (ජූලි 08) දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බලධාරීන් එම කොමිෂන් සභාව වෙත කැඳවීමට කටයුතු කර තිබෙන බව වාර්තා වේ. මෙම සමාලෝචන රැස්වීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති, පීඨාධිපතිවරු, ලේඛකාධිකාරී මෙන්ම ප්‍රශ්නගත සිදුවීම්වලට අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
















