ජ්‍යෙෂ්ඨ පර්යේෂක ආචාර්ය සංජන හත්තොටුව මහතා විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක වන, කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කළ ව්‍යාජ කාන්තා ගිණුම් පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රමානුකූල අධ්‍යයනය එළිදක්වා තිබේ.
මෙම පර්යේෂණය මගින් අනාවරණය කර ගෙන ඇත්තේ පරිශීලකයන් සූදු ක්‍රීඩා, අසභ්‍ය චැට් අඩවි, ක්‍රිප්ටෝකරන්සි සහ අනෙකුත් සැක සහිත මූල්‍ය වේදිකා වෙත යොමු කිරීම සඳහා නිර්මාණය කර ඇති සංවිධානාත්මක ජාලයක් මෙම ව්‍යාජ ගිණුම් පිටුපස ක්‍රියාත්මක වන බවයි.
















