ග්‍රිනිච් වේලාවෙන් අද (08) පෙරවරු 11:10 ට පමණ (ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 4:40 ට) මුළු ලෝක ජනගහනයෙන් සියයට 99කට එකම අවස්ථාවක සූර්යාලෝකය ලැබෙන බව විද්‍යාත්මක වාර්තා පවසයි. පෘථිවියේ ඇලවීම සහ උත්තර අර්ධගෝලයේ ගිම්හාන කාලය එළඹීම නිසා සිදුවන මෙම අපූරු සංසිද්ධිය හේතුවෙන් ලෝකයේ බිලියන 8.2ක ජනතාවකට එකවර දිවා කාලය හෝ සන්ධ්‍යා භාගය අත්විඳීමට ලැබෙනු ඇත. ආසියාව, යුරෝපය, අප්‍රිකාව සහ ඇමරිකා මහද්වීපයන්ට එකවර මෙසේ ඉර එළිය වැටෙන විට ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුළු කලාප කිහිපයක් පමණක් අන්ධකාරයේ පවතී. විද්‍යාඥයන් පවසන්නේ මෙය අද දිනට පමණක් සීමා නොවී, මැයි 18 සිට ජූලි 17 දක්වා මාස දෙකක කාලය පුරාම දිනපතා මිනිත්තු කිහිපයකට උදාවන ස්වභාවික පිහිටීමක් බවයි.
















