අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී පසුපස අසුන්වල ඇතුළු සියලුම මගීන්ට සීට් බෙල්ට් (ආසන පටි) පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය යටතේ, නිෂ්පාදනයේදී සීට් බෙල්ට් නොලැබුණු පැරණි වාහන සඳහා ඒවා සවි කිරීමට තවත් මාස 3ක සහන කාලයක් ලබා දුන් බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ඒ අනුව නව ගැසට් නිවේදනයක් මඟින් මෙම සහන කාලය 2026 සැප්තැම්බර් 19 වැනිදා දක්වා දීර්ඝ කර ඇත. අධිවේගී මාර්ගවල පැයට කිලෝමීටර් 100ක උපරිම වේගයෙන් වාහන ධාවනය වන බැවින් අනතුරුවලදී පසුපස අසුන්වල සිටින අයට සිදුවන බරපතළ හානි වැළැක්වීම මෙහි අරමුණ බවත්, මෙම නීතිය දඩ ගැසීමට නොව ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට ගෙන ආ එකක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
















