ශ්‍රී ලංකා විද්වත් සංගම් සම්මේලනයේ (OPA) නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර සාකච්ඡාවක් ඊයේ (08) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
මහජනතාව මුහුණ දෙන විවිධ ක්ෂේත්‍රයන්හි ගැටලුවලට සෘජුවම වෘත්තීය උපදෙස් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. කෘෂිකාර්මික, ඉදිකිරීම්, වෛද්‍ය සහ නීති වැනි ක්ෂේත්‍රවල ගැටලු පවතින ජනතාව වෙත අදාළ වෘත්තීය සංගම් හරහා පූර්ව උපදෙස් සහ මගපෙන්වීම් ලබා දීමේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට OPA ආයතනය සැලසුම් කරන බව එහි නියෝජිතයින් අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළේය.
රටේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීමට සහ ජාතික සංවර්ධනය වෙනුවෙන් වෘත්තීයවේදීන් ලබා දෙන දායකත්වය අග්‍රාමාත්‍යවරිය මෙහිදී ඇගයීමට ලක් කළාය. රට තුළ වෘත්තීයභාවය සහ ජාතික මෙහෙවර තවදුරටත් ඉහළ නැංවීම සඳහා OPA ආයතනය ගන්නා මෙම උත්සාහයට රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා විද්වත් සංගම් සම්මේලනයේ සභාපති සහ උප සභාපති ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
















