බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන ‘තැඹිලි ලහිරු’ නැමැත්තාගේ මිද්දෙනිය, ජුලම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසකට කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබේ.
සිද්ධිය වන අවස්ථාවේදී නිවස තුළ කිසිවෙකුත් නොසිටි බවත්, ගින්න හේතුවෙන් නිවසට දැඩි අලාභහානි සිදුව ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙනිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
















