ශ්‍රී ලංකා ආර්ථිකයේ පෙන්නුම් කරන ධනාත්මක වර්ධනය, ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාව කෙරෙහි පවතින විශ්වාසය සහ පිළිගැනීම ඉහළ නැංවීමට විශාල පිටුබලයක් වී ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
ඇඩ්වකාටා ආයතනයේ පර්යේෂණ සාමාජික ආචාර්ය සුදාරක ආරියරත්න මහතා සඳහන් කරන්නේ, ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස යාවත්කාලීන කිරීම, 2022 වසරේ මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් පසු රට ලබා ඇති ප්‍රබල ප්‍රකෘතියට කදිම සාක්ෂියක් බවයි.
මෙම ආර්ථික දියුණුව හමුවේ ජාත්‍යන්තර ආයෝජකයින්ගේ සහ වෙළෙඳ සහකරුවන්ගේ විශ්වාසය වැඩි දියුණු වීම තුළින් ඉදිරියේදී රටේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයිද ඔහු සහ තවත් ආර්ථික විශේෂඥයින් පිරිසක් අදහස් පළ කරති.
















