පසුගිය කාලසීමාව තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පැවති දේශපාලන බලපෑම්, පාතාල තර්ජන මෙන්ම දූෂිත නිලධාරීන්ගේ අක්‍රමවත් ක්‍රියාකාරකම් හේතුවෙන් එම ආයතනයට විශාල මූල්‍ය අලාභයක් සිදුවී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුව) දී හෙළිදරව් විය.
කෝප් කමිටුව හමුවට කැඳවූ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම බරපතල තත්ත්වය අනාවරණය කර ගැනීමට කමිටුවට හැකි විය.
















