රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික මංගල්‍යයට සමගාමීව බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් කතරගම කේන්ද්‍ර කරගනිමින් විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබේ.
මෙම සේවාව කොළඹ, මහනුවර, හැටන්, බදුල්ල සහ නුවරඑළිය වැනි කඳුකර ප්‍රදේශ මෙන්ම නැගෙනහිර පළාතේ ප්‍රදේශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක වේ.
ඒ අනුව කතරගම සිට මඩකලපුව, පානම, ත්‍රිකුණාමලය, මුතූර්, වාලච්චේන, පොතුවිල්, අක්කරපත්තුව, වාකරේ සහ කල්මුණ දක්වා ද විශේෂ බස් සේවාවන් සංවිධානය කර ඇත.
පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන් සහ අනෙකුත් ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන් සඳහා මෙම පහසුකම හිමිවන අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිල වෙබ් අඩවිය ඔස්සේ ආසන වෙන් කර ගැනීමේ හැකියාව පවතී. මීට අමතරව, මගීන්ගේ පහසුව සඳහා කතරගම බස් නැවතුම්පොළේ ආසන වෙන් කර ගැනීමේ විශේෂ කවුළු දෙකක් ද ස්ථාපිත කර තිබේ.
















