කන්තලේ සිට සේරුවිල දක්වා මාර්ගයේ පෝටන්කාටු ප්‍රදේශයේදී අද (10) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.සේරුවිල දෙසින් පස් පටවාගෙන කන්තලේ බලා පැමිණි ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන, කන්තලේ සිට වාන්ඇල දෙසට ගමන් කළ යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, ටිපර් රථ රියදුරු සහ තුවාල ලැබූවන් කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.මියගිය පුද්ගලයා කන්තලේ වාන්ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ රථවාහන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















