ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ ප්‍රධාන ගොඩනැඟිලි සංකීර්ණයේ ස්ථාපිත කරන ලද නව සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා (Solar PV) පද්ධතිය වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා විසින් විවෘත කරන ලදී.ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ (ICAO) හරිත ගුවන්සේවා සහ කාබන් විමෝචනය අවම කිරීමේ ප්‍රතිපත්තිවලට අනුගතව, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා ඇතුළු නිලධාරීන්ගේ මූලිකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.
මෙමගින් අධිකාරියේ ගොඩනැඟිලි සංකීර්ණයේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමට හැකි වේ.අතිරික්ත විදුලි බලය ජාතික විදුලි බල පද්ධතියට ලබා දීමට අවස්ථාව උදාවන අතර, වාර්ෂිකව රුපියල් මිලියන 24ක පමණ මුදලක් ආයතනයට ඉතිරි කරගත හැක.රාජ්‍ය ආයතන පුනර්ජනනීය බලශක්තිය කරා යොමුවීම හරහා ජනතා මුදල් ඉතිරි කර ගැනීමට මෙන්ම පරිසර හානි අවම කිරීමටත් හැකි වේ.
මෙම පියවර ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ ඇගයීමට ලක්ව ඇති අතර, අනාගත ව්‍යාපෘතිවලදී ද පුනර්ජනනීය බලශක්ති භාවිතය උපරිම කිරීමට අධිකාරිය සැලසුම් කර ඇත.
















