දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග අර්බුදය ඇතුළු අභියෝග රැසකට රට මුහුණ දුන්නද, මෙට්‍රික් ටොන් මිලියන 50කට අධික වී ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට රජයේ කෘෂිකාර්මික වැඩපිළිවෙලට හැකිවී ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ඒ. එල්. සන්දික මහතා පවසයි.මෙම කන්නය තුළ වී වගාව දිරිගැන්වීම සහ ගොවි ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් රුපියල් මිලියන 46,000කට අධික විශාල මුදලක් වැය කරමින් දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව ද මෙහිදී හෙළි කෙරිණි.
















