‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය තොගයක් සහ සැකකරුවන් 933 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 269ක්.
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 460ක්.
කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 139ක්.
මත්පෙති 2353ක්.
ගංජා පැළ 98,000කට අධික ප්‍රමාණයක්.
කටුනායක හීනටියන ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් ලීටර් 236ක් සමඟ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රාවස්ත්‍රිපුර ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් ලීටර් 54ක් සමඟ 33 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 120ක්, හෙරොයින් ග්‍රෑම් 112ක් සහ මත්පෙති 25ක් සොයාගෙන ඇත.
















