ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ පිහිටි කමල් අද්වාන් (Kamal Adwan) රෝහල් පරිශ්‍රයට ඉශ්‍රායල හමුදාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් එහි සේවකයින් සහ සිවිල් වැසියන් පිරිසක් තුවාල ලබා ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සටන් විරාමයක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක සහ මෙම රෝහල ඉශ්‍රායල පාලනය යටතේ පවතින ආරක්ෂිත කලාපයක් (Green Zone) තුළ පිහිටා තිබියදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. මෙය ඉශ්‍රායලය විසින් සෞඛ්‍ය පද්ධතිය ඉලක්ක කර ගනිමින් සිදු කරන පද්ධතිමය ප්‍රහාර මාලාවක තවත් එක් පියවරක් බව පලස්තීන බලධාරීන් පවසන අතර, ගාසා තීරයේ සෞඛ්‍ය ක්ෂේත්රය මේ වනවිට සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව ද විදේශීය මාධ්‍ය වාර්තා කරයි.
තොරතුරු උපුටා ගැනීම: Al Jazeera ඇසුරින්














