මොනාකෝ හි පැවැති ඩයමන්ඩ් ලීග් (Monaco Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේදී පිරිමි මීටර් 1,000 ඉසව්ව සඳහා ප්‍රථම වතාවට සහභාගි වූ 21 හැවිරිදි කෙන්යානු ක්‍රීඩක එමානුවෙල් වන්යොන්යි (Emmanuel Wanyonyi) විනාඩි 2යි තත්පර 11.83ක කාලයකින් තරගය නිමා කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඒ අනුව ඔහු බිඳ දැමුවේ 1999 වසරේ සිට (වසර 27ක් තිස්සේ) ඔහුගේම රටේ නෝවා න්ගෙනි (Noah Ngeny) සතුව තිබූ ලෝක වාර්තාවයි. මෙම තරගයේ දෙවැනි ස්ථානය බ්‍රිතාන්‍යයේ ජේක් වයිට්මන් (Jake Wightman) දිනාගත් අතර, ලෝක මීටර් 800 වත්මන් ඔලිම්පික් ශූරයා ද වන වන්යොන්යි ප්‍රකාශ කළේ තමන් මෙම ජයග්‍රහණය පිළිබඳව බෙහෙවින් සතුටු වන බවයි. මීට අමතරව මෙම තරගාවලියේදී සෙන්ට් ලුසියා හි ජුලියන් ඇල්ෆ්‍රඩ් කාන්තා මීටර් 200 ඉසව්ව තත්පර 21.51කින් නිමා කරමින් ලොව තෙවනුවට වේගවත්ම කාන්තාව බවට පත් වූ අතර, අර්මන්ඩ් ඩුප්ලැන්ටිස් රිටි පැනීමේ ඉසව්වෙන් මීටර් 6.07ක දක්ෂතාවක් දක්වමින් තරගාවලි වාර්තාවක් ද අලුත් කළේය.
















