රුසියානු හමුදාව විසින් යුක්‍රේනයේ අගනුවර වන කියෙව් (Kyiv) නගරය ඉලක්ක කර ගනිමින් අද (11) අලුයම ප්‍රබල බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව එරට නිලධාරීන් ප්‍රකාශ කර තිබේ. අමෙරිකානු වේලාවෙන් අද උදෑසන නිකුත් වූ රොයිටර් පුවත් සේවයේ වාර්තාවලට අනුව, නගරයේ ගුවන් ප්‍රහාරක අනතුරු ඇඟවීමේ සංඥා (Air Alert) නාද වීමටත් ප්‍රථමයෙන්, කියෙව් නුවර පුරා අතිශය ප්‍රබල පිපිරීම් ශබ්ද මාලාවක් ඇසුණු බව විදෙස් මාධ්‍යවේදීන් තහවුරු කර ඇත. ප්‍රහාරවලින් සිදු වූ හානි පිළිබඳ තොරතුරු තවමත් වාර්තා වෙමින් පවතී.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















