චීන ජනාධිපති ෂී ජින්පින් සහ නැමිබියානු ජනාධිපතිනි නෙතුම්බෝ නන්දි-න්ඩෙයිතුවා (Netumbo Nandi-Ndaitwah) අතර බීජිං නුවරදී පැවැති නිල සාකච්ඡාවලින් අනතුරුව, නව යුගයක් සඳහා පොදු අනාගතයක් සහිත චීන-නැමිබියා ප්‍රජාවක් ගොඩනැගීමට දෙරටේ නායකයෝ ඊයේ (10) එකඟතාවකට පැමිණියහ. එහිදී චීන ජනාධිපතිවරයා අවධාරණය කළේ චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන අප්‍රිකානු රටවල් 53 ක සියලුම නිෂ්පාදන සඳහා චීනය ‘ශුන්‍ය තීරුබදු’ (Zero-tariff) ප්‍රතිපත්තියක් සහ ‘හරිත මාවත’ (Green channel) වරණීය ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර ඇති බැවින්, නැමිබියාවට සිය ‘Vision 2030’ සංවර්ධන සැලැස්ම වෙනුවෙන් ඉන් උපරිම ප්‍රයෝජන ගත හැකි බවයි. නැමිබියානු ජනාධිපතිනිය චීනයේ ‘එක් චීනයක්’ (One-China principle) ප්‍රතිපත්තිය දැඩිව අනුගමනය කරන බව යළිත් සහතික කළ අතර, දෙරටේ නායකයන් ඉදිරියේ ආර්ථිකය, වෙළඳාම, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ මානව සම්පත් යන ක්ෂේත්‍රවලට අදාළ ද්විපාර්ශ්වික සහයෝගීතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබිණි.
















