කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් HIV, හෙපටයිටිස් B (Hepatitis B) ඇතුළු ලිංගාශ්‍රිත රෝග (STDs) කලින් හඳුනාගැනීම සඳහා විශේෂ ජංගම රුධිර පරීක්ෂණ වැඩසටහනක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ. ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන මඟින් ක්‍රියාත්මක කරන මෙම ජංගම සායන හරහා මහජනතාවට ස්වේච්ඡාවෙන් රුධිර පරීක්ෂණ සිදු කරගත හැකිය. මෙම සියලු පරීක්ෂණවල රහස්‍යභාවය උපරිමයෙන් සුරකින අතර, ප්‍රතිඵල ලබාදෙන්නේ අදාළ පුද්ගලයාට පමණි. කිසියම් ආසාදිතයෙකු හඳුනාගතහොත් ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස්, උපදේශනය සහ නොමිලේ ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
















