දණ්ඩනයට නියම වූ බන්ධනාගාර රැඳවියන් සඳහා ජනාධිපති පොදු සමාව ලබාදීමේ ක්‍රියාවලිය වඩාත් ක්‍රමානුකූල, සාධාරණ සහ විනිවිදභාවයෙන් යුත් නව ක්‍රමවේදයක් ඔස්සේ සිදු කිරීම සඳහා පත් කළ විශේෂ කමිටුවේ වාර්තාව නිල වශයෙන් භාර දී තිබේ.
මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා විසින් අදාළ වාර්තාව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන මහත්මිය වෙත භාර දෙන ලදී.
පොදු සමාව ලබාදීමේ ක්‍රියාවලියේ පවතින ගැටලු සහ අඩුපාඩු මඟහරවා ගනිමින්, වඩාත් විධිමත් පදනමක් මත එම බලතල ක්‍රියාත්මක කිරීම සහ අධිකරණ පද්ධතිය පිළිබඳ පවතින විශ්වාසය තහවුරු කිරීම මෙම නව වැඩපිළිවෙළේ මූලික අරමුණයි.
















