උතුරු පළාතේ සිසුන් සඳහා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් රජය ක්‍රියාත්මක කරන පාසල් සංවර්ධන වැඩසටහන් යටතේ, නව පාසල් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ වැඩසටහන පසුගිය 10 වන දින පැවැත්විණි.
සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. තිලගනාදන් මහතා සහ එස්. ජගදීස්වරන් මහතා මෙන්ම උතුරු පළාත් අධ්‍යාපන ලේකම් ෆැක්ටික් නිරංජන් මහතාද සහභාගී විය.
පළාත් භාණ්ඩාගාර සංවර්ධන අරමුදල යටතේ වවුනියාව අග්‍රබෝධි විද්‍යාලය හා ඕමන්ත මධ්‍ය මහා විද්‍යාලය සඳහා නව ගොඩනැගිලි ඉදිකිරීමට නියමිත අතර, එක් ගොඩනැගිල්ලක් සඳහා රුපියල් මිලියන 40ක මුදලක් වෙන් කර ඇත.
ඉදිකිරීම් කටයුතු පළමු අදියර යටතේ රුපියල් මිලියන 27ක මුදලක් වෙන් කර ඇති අතර, වසර දෙකක් ඇතුළත වැඩ අවසන් කිරීමට සැලසුම් කර තිබේ.
ඕමන්ත මධ්‍ය මහා විද්‍යාලය හා මාමඩුව අග්‍රබෝධි විද්‍යාලය තුළ සිසුන් 300ක් පමණ අධ්‍යාපනය ලබන අතර, ඔවුන් සඳහා විද්‍යාගාර පහසුකම් සහිත නවීන සුහුරු පන්තිකාමර (Smart Classrooms) ඉදිකිරීමටද නියමිතය.
මෙම අවස්ථාව සඳහා විදුහල්පතිවරුන්, උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පළාත් පාලන ආයතන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.
















