මැදපෙරදිග කලාපයේ උත්සන්න වෙමින් පවතින දේශපාලන ආතතීන් හමුවේ ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල අද දිනයේදී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. අද උදෑසන වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 83ක් ලෙසත්, WTI බොරතෙල් බැරලයක් ඩොලර් 79ක් ලෙසත් සටහන් වුවද, කෙටි කාලයක් තුළ එම මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් ඇත.
ඒ අනුව, මේ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 86.91ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 80.48ක් ලෙස සටහන් වේ. පවතින ගෝලීය තත්ත්වය මත බොරතෙල් මිලෙහි මෙම උච්චාවචනයන් ඉදිරියටත් බලපෑ හැකි බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.













