කටාර් රාජ්‍යයේ ‘Father Emir’ ලෙස ගෞරවයට පාත්‍ර වූ හිටපු නායක ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (14) පස්වරුවේ කටාර් රාජ්‍ය බලා පිටත්ව ගියාය. මෙම නිල සංචාරය මගින් දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය යළි තහවුරු කෙරෙන අතර, ඉදිරියේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව තුළ ඇති උනන්දුව ද මෙහිදී අවධාරණය කෙරේ.













