මහ බැංකුවේ දත්ත වාර්තා අනුව, 2026 වසරේ මුල් මාස හතර තුළ ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ්පත්වල නොපියවූ ණය වගකීම රුපියල් මිලියන 10,313ක සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් තිබේ. මෙම වසර ආරම්භයේදී රුපියල් මිලියන 189,706ක් ලෙස පැවති සමස්ත නොපියවූ ණය වගකීම, අප්‍රේල් මාසය අවසානය වන විට රුපියල් මිලියන 200,019ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම, මෙම කෙටි කාල සීමාව තුළ ක්‍රෙඩිට් කාඩ් භාවිතය ද කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති අතර, සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 62,666කින් වැඩි වී තිබේ. ඒ අනුව, වසර මුලදී 2,166,186ක් ලෙස පැවති මුළු සක්‍රීය ණය කාඩ්පත් ප්‍රමාණය අප්‍රේල් මාසය වන විට 2,228,852ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසයි.














