සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කිරීමේ අරමුණින් රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර තනතුරු සඳහා 228 දෙනෙකුට පත්වීම් ප්රදානය කිරීමට කටයුතු යොදා ඇති අතර, එම පත්වීම් ප්රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 16 වනදා සිදුකෙරේ. සෞඛ්‍ය ක්ෂේත්රයේ දීර්ඝ කාලයක් පුරා පැවති පුරප්පාඩු කඩිනමින් පිරවීමේ වැඩපිළිවෙළ යටතේ මෙහි පළමු කණ්ඩායම ලෙස 627 දෙනෙකුට මීට පෙර පත්වීම් ලබා දුන් අතර, ඒ අනුව සෞඛ්‍ය කාර්ය සහායක, ඩෙංගු මර්දන සහායක සහ නිරීක්ෂක වෘත්තිකයන් 1,778 දෙනෙකුට ඉදිරි දෙසතිය තුළ පත්වීම් පිරිනැමීමට නියමිතය. මෙම වැඩපිළිවෙළ යටතේ සෞඛ්‍ය කාර්ය සහායක තනතුරු 1,362ක්, ඩෙංගු මර්දන සහායක තනතුරු 295ක් සහ සුළු සේවා පාලක තනතුරු 121ක් සඳහා පත්වීම් ප්රදානය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.













