ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් ඇති කරගත් සාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ලෙබනන් සහ ඊශ්‍රායල නියෝජිත පිරිසක් ඉතාලියේ රෝම නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේදී අද (14) සාකච්ඡා ආරම්භ කළහ.
පසුගිය මාර්තු 2 වනදා ඊශ්‍රායලය සහ හෙස්බොල්ලා සංවිධානය අතර ඇති වූ දරුණු යුද ගැටුම්වලින් පසුව, ජූනි 26 වනදා වොෂින්ටනයේදී දෙපාර්ශවය අතර සාම රාමුවක් සකස් කරගැනීමට හැකි විය. මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වන්නේ දකුණු ලෙබනනයේ ආරක්ෂක කලාප ලෙස නම් කර ඇති ‘පර්යේෂණාත්මක කලාප’ (Pilot Zones) දෙකකින් ඊශ්‍රායල හමුදා ක්‍රමයෙන් ඉවත් කරගැනීම සහ එහි ලෙබනන් හමුදා රඳවා හෙස්බොල්ලා සංවිධානය නිරායුධ කිරීමයි. කෙසේ වෙතත්, මැදපෙරදිග කලාපයේ පවතින ඇමෙරිකා-ඉරාන යුද උණුසුම සහ හෙස්බොල්ලා සංවිධානය නිරායුධ වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සාකච්ඡාවල සාර්ථකත්වය පිළිබඳව තවමත් පවතින්නේ අවිනිශ්චිතතාවයකි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














